මිෂෙල්ට ජාත්යන්තර සම්මානයක්
මේ දිනවල දී තිරගත වෙන පූරි ක්රයිම් සීන් ටෙලිනාට්ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැතිනම් සල්සපුනා ටෙලිනාට්යයේ පොඩි පත්තරකාරී ඔබට මතකද?. තවත් විදිහකින් කිව්වොත් සිදූ නාට්යයේ සුරංගනාවි ඔබට මතක ඇතිනේද?. ඇයට පසුගියදා සම්මානයක් හිමිවුණා. ඇත්තටම මිෂෙල්ට හම්බවුණ සම්මානය මොකක්ද?. අපි ඒ ගැන දැනගන්න ඇයට කතාකළා. ඔබට ලැබුණ අලූත්ම සම්මානය ගැන කතා කළොත් ? ලෝකයේ රටවල් අසූවකට වැඩි සංඛ්යාවක නියෝජිතයන් හාරසිය පනහකට අධික සංඛ්යාවක් සහභාගිවන දකුණු ආසියානු තරුණ සමුළුවේදී ඒෂියා ඉන්ස්පිරේෂන් අවෝර්ඞ් කියන සම්මානය තමයි මට හිමිවුණේ. පහුගිය 30 වැනිදා කොළඹ ගලදාරි හෝටලයේ තමයි මේ සම්මාන රාත්රිය තිබුණේ. එහිදී මට මේ සම්මානය ලැබුණා. මේක ආසියානු රටක පවත්වපු උත්සවයක්. මෙවර පැවැත්වුණේ ලංකාවේ. කොහොමද මේ අවස්ථාව උදාවුණේ? හැම අවුරුද්දකදීම ලෝකයේ එක රට එක නියෝජිතයෙකුට ඔවුන් වසරක් පාසා මේ සම්මානය ලබාදෙනවා. මෙවර ඒ සම්මානය හිමිවුණේ ලංකාවට. මුලින්ම ලංකාව මේ සම්මානය සදහා නිර්දේශවෙලා තිබුණා. ඊට පසුව තමයි මගේ නම යෝජනාවෙලා තියෙන්නේ. ඒෂියා ඉන්ස්පෙරේෂන් අවෝර්ඞ් ...







Comments
Post a Comment